Empty Ad
AFC Banner
Empty Ad

මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කරන්න නව ජංගම දුරකථන යෙදවුමක්

පළාත් පාලන මැතිවරණයට අදාළ පැමිණිලි යොමුකිරීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් හඳුනවදීම මැතිවරණ කොමිෂන් සභාවේ දී අද (22) සිදු කෙරුණා.

EC EDR නැමැති මෙම ජංගම දුරකථන යෙදවුම මඟින් විධිමත් සහ නව තාක්ෂණික ක්‍රමෝපායන් ඔස්සේ මැතිවරණ පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මෙහිදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සඳහන් කළේ මෙම ජංගම දුරකථන යෙදවුම ඔස්සේ මහජනතාවට වීඩියෝ, ඡායාරූප සමඟ විස්තරාත්මකව පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.

පසුගිය කාලවල දී ලැබුණු මැතිවරණ පැමිණිලි සවිස්තරාත්මකව නොලැබීම පිළිබඳව ගැටළුවක් පැවති බව ද ඔහු මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?