AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ පැමිණිලිවල ඉහළ යාමක්

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 401ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (19) දිනයේ දී පමණක් පැමිණිලි 58ක් එම කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි නිවේදනය කළේ.

එම පැමිණිලි සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ලැබී ඇති පැමිණිලි 401 තුළ කිසිඳු ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිල්ලක් ලැබී නොමැති බව ද මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

මේ අතර ලැබී ඇති පැමිණිලි 401න් පැමිණිලි 309ක් මේ වනවිට විසඳා අවසන් බවයි එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?