AFC Banner
Empty Ad
Empty Ad

මැතිවරණ ප්‍රචාරණයේ අවසන් දිනයේ දී ජනපති ධුර අපේක්ෂකයින්ගේ අවසන් රැලි ගැන දැනුම්දීමක්

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට නියමිත අතර ප්‍රධාන පෙළේ ජනාධිපති ධුර අපේක්ෂකයින් අද දිනයට සිය ජන රැලි මාලාවක් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ අවසන් ජන රැලියක් ග්‍රෑන්ඩ්පාස් – කොස්ගස් හන්දියේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

මීට අමතර ව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට අදාළ අවසන් ජන රැලි 05ක් අද දිනට පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

ඒ අතර පෙරවරු 10ට මොනරාගල, පෙරවරු 11ට ඇඹිලිපිටිය, පස්වරු 1ට අම්බලන්ගොඩ, පස්වරු 03ට බේරුවල සහ පස්වරු 05ට කොළඹ දීයි මෙම අවසන් ජන රැලි පැවැත්වෙන්නේ.

ජාතික ජන බලවේගය අද දිනට අවසන් මහා රැලිය පස්වරු 05ට නුගේගොඩ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර පස්වරු 03ට කළුතරදීත්, පස්වරු 3.30ට ගම්පහදීත් සෙසු අවසන් ජන රැලි පැවැත්වෙනු ඇති.

මීට අමතරව මව්බිම ජනතා පක්ෂයේ ද අවසන් ජන රැලිය කොට්ටාව බස් නැවතුම්පොළ භූමියේ පැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

මෙම සියලු දේශපාලන කටයුතුවල ආරක්ෂාව තර කර ඇති අතර පොලිස් නිලධාරින් විශාල ප්‍රමාණයක් ආරක්ෂාවට යොදා ඇති අතර; විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?