මැතිවරණ නිහඬ කාලය අද මධ්‍යම රාත්‍රියේ සිට

2025 පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රචාරක කටයුතු අද (03) මධ්‍යම රාත්‍රි 12.00ට අවසන් වීමට නියමිතයි.

ඒ, අනුව අද (03) මධ්‍යම රාත්‍රියේ සිට නිහඬ කාලය ආරම්භ වන බවයි මැතිවරණ කොමිසන් සභාව සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක පැවසුවේ.

මෙම නිහඬ කාලය තුළ පක්ෂවල හෝ ස්වාධීන කණ්ඩායම්වල කිසිඳු අපේක්ෂකයෙකුට ප්‍රචාරක කටයුතු සිදුකිරීම තහනම් වනවා.

2025 පළාත් පාලන ආයතන ඡන්ද වීමසීම ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?