AFC Banner
AFC Banner
Empty Ad

මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

අද (05) පස්වරු 4.15 වන විට එක් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

කලුතර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 17ක් වෙනුවෙන් එක් දේශපාලන පක්ෂයක් සහ මහනුවර දිස්ත්‍රික්කයේ ආයතන දෙකක් සඳහා ස්වාධීන කණ්ඩායම් දෙකක් මෙලෙස ඇප තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියේ.

මේ අතර ඡන්ද විමසීමේ කාලසීමාව තුල දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතු වන හෝ අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බවට මැතිවරණ කොමිසම දැනුම් දෙනවා.

ඡන්ද විමසීම පැවැත්වෙන දිස්ත්‍රික්වල රජයේ නිලධරයන්, සේවකයන් බඳවා ගැනීම, උසස් කිරීම හෝ මාරු කිරීම යන කරුණු සීමා කළ යුතු බව රාජ්‍ය දේපළ පාලනය භාරව සිටින අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලු නිලධාරීන් අවධානය යොමු කළ යුතු බවටයි දැනුම් දෙන්නේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කාලසීමාව තුල රජයේ දේපළක්, යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් තෝරා පත්කර ගැනීම ප්‍රවර්ධනය කිරීම හෝ වළක්වාලීම වෙනුවෙන් කිසියම් පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් භාවිත කරන්නේ නම් එය තහනම් කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට හෝ කොමිසමට බලය පවතිනවා.

මැතිවරණ කොමිසම විසින් කරනු ලබන එවැනි විධානයකට අනුකූලවීම සහ ක්‍රියාත්මක කිරීම එම කාලසීමාවේ රජය සතු දේපළ භාරව සිටින හෝ පාලනය දරන සියලුම නිලධාරීන් බැඳී සිටිනවා.

එවැනි විධානයක් උල්ලංඝණය කිරීම අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර තුනක සිර දඩුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයකින් හෝ එකී දඩුවම් ද්විත්වයම ලබාදීමට හැකි බවටයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ.

Election
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?