මැණික් ගලක් විකූණන්න ගිය ගමන පොලිසියෙන් නවතී

පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කෙරෙන මැණික් ගලක් රුපියල් කෝටි හතරහමාරකට අලෙවි කිරීමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදවච්චිය කැබිතිගොල්ලෑව මාර්ගයේ පිහිටි මහදිවුල්වැව ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ.

ලැබුණු තොරතුරකට අනුව සිදුකළ හදිසි වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය සහ මන්ඩාවෙල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 41 සහ 53 යන වයස් සීමාවන්වල පසුවූ දෙදෙනෙක්.

පෞරාණික වටිනාකමක් ඇති මැණික් ගලක් මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයකුට විකිණීම සඳහා දෙදෙනෙකු කැබ්රථයකින් A9 මාර්ගයේ පැමිණෙන බවට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව ඔවුන් මැදවච්චිය මහදිවුල්වැව ප්‍රදේශයේදී මාර්ගය හරස් කර කැබ් රථය නවතා සිදු කළ පරික්ෂාවේදී යි අදාළ මැණික් ගල් සමග සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත්තේ.

සැකකරුවන් මැදවච්චිය පොලිසියට බාරදීමෙන් පසුව මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33