Empty Ad
AFC Banner
Empty Ad

මැණික්හින්න රෝහලේ ගුටි කෙළියක් (වීඩියෝ)

මහනුවර – මැණික්හින්න රෝහල් පරිශ්‍රය තුළ ඊයේ (28) සවස ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් කැඳවීමට පියවර ගෙන තිබුණා.

ඊයේ (28) පස්වරුවේ රෝගී තත්ත්වයක් හේතුවෙන් දිගන ප්‍රදේශයේ තරුණයෙක් රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ දී රෝහල් කාර්ය මණ්ඩලය සහ රෝගියා ඇතුළත් කිරීමට පැමිණි පිරිස අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වුණේ.

එහිදී සිදු වූ පහරදීමකින් රෝහල් කාර්ය මණ්ඩලයේ සහ අනෙක් පාර්ශ්වයේ හයදෙනෙක් තුවාල ලබා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම කළහකාරී සිද්ධියේ දී වාහන කීපකට ද අලාභහානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව දෙපාර්ශ්වය ම කැඳවා ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව එම පිරිස් විසිර ගොස් ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?