මැටි ඇතිලියේ කෑම රසයි

රිදී තිරයට පෑයූ අති දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස කාලයක් පුරාවට වඩාත් ජනාදරයට පාත්‍ර වූ ඇය සිනමාවට සම්බන්ධ ආයතන කිහිපයකම ඉහළ තනතුරු හෙබවූ අති දක්ෂ කලා ශිල්පිනියකි. මවක්, බිරිඳක් ලෙස ට ජීවිතයේ වගකීම් යුතුකම් රාශියකට පණ පොවන ඇයව සොයා මම ඇගේ නිවහනට ගොඩ වූයෙමි.නදීකා ගුණසේකර නම් ඒ අති දක්ෂ රංගන ශිල්පිනියගේ නිවසේ සිට අද ලස්සන කුස්සිය  රස ගැන්වෙයි.

සුභ දවසක්?

ඔබටත් සුබම සුබ දවසක් 

උදෙන්ම සාමාන්‍යයෙන් මොනවාද කෙරෙන්නේ?

උදෙන්ම නැගිටලා පිරිසිදු වෙලා බුදු පහන දල්වනවා. ඊට පස්සේ මම හැමදාම උදේට හරිම භක්තියෙන් තුල්සි ගස් වලට වතුර වීදුරුවක් දානවා. ඒක  කාලෙක ඉඳලා කෙරෙන පුරුද්දක්. ඊට පස්සේ ඉතින් ගෙදර හැමෝටම තේ   හදන්න වතුර  උණු වෙනකම් මම හිටවලා තියෙන ගස් වලට වතුර දානවා…ගස් එක්ක කතා කරනවා …..ගෙදර සුරතලේට හදන ඩොගී ල ළඟට ගිහින් එයාලා එක්කත් පොඞ්ඩක් කතා කරලා….එයාලව සුරතල් කරලා  තමයි, හරිම සතුටින් දවස පටන් ගන්නේ.

නිවසේ සියලු‍ කටයුතු සිදු වන්නේ ඔබ අතින්මද?

නිවස ඇතුලේ සෑම කටයුත්තක් වාගේම, ඉවුම් පිහුම් කටයුතු සියල්ල සිදුවන්නේ මගේ අතින්. මොකද සුරේන්ද්‍රයි දුවයි කැමති නැහැ කවුරුත් හදන කෑම කන්න.. ගාර්ඩන්  එකේ වැඩ වලට උදව්වට කෙනෙක් ඉන්නවා.

ඔබ හදන කෑම වලින් දුවයි මහත්තයායි වැඩිපුරම කන්න කැමති  මොන වගේ කෑම වලට ද?

මහත්තයා නම් හරිම කැමතියි කැකිරි, දඹළ, මෑකරල්, කොහිල,කොස්,පොලොස්,වගෙ ගමේ කෑම වල ට . සුරේන්ද්‍ර ගේ කෑම වේලට ඒ නිසා  මම ගමේ කෑම කෑමක් එකතු කරනවමයි. එයාට හැමදාම උදේට බත් කන්න ඕනේ …ඉතින් එයා කැමතිම කෑම ජාතියක්  දෙකක් උදෑසන කෑමට හැදෙනවා මයි..දුව  කැමති විවිධ රස වල කෑම කන්න. විශේෂයෙන්ම  ඉන්දියානු සම්ප්‍රදායට හදන කෑම වලට ,ජපන් රටට ආවේණික විදිහටත්  මම හදන කෑම වලට  ඇය  ගොඩක් ආසයි. විශේෂයෙන්ම ,කිරි ,චීස් වැඩිපුර දාලා හදන පැස්ටා වර්ග කන්නත් දූව ගොඩක් කැමතියි.

කෑම හදන කොට මොන වගේ දේවල් ගැන ද සැලකිලිමත් වෙන්නේ ?

ගැලපීම ගැන නම් ගොඩක් හිතනවා .ඊට අමතරව දුවයි මහත්තයා කන්න කැමැති කෑම තමයි මම හදන්නේ… මොකද ඒ අය ආස නැත්නම් මම මොන කෑම ජාතිය හැදුවත් වැඩක් නෑනේ. ඊට අමතරව  තෙල් ,පිටි ,සීනි, ලු‍ණු  වගේ කෑම ගැනත්  සැලකිලිමත් .එකම එළවළුවක් වුණත් එකම රසකට කන්න  අමාරු නිසා විවිධ රස වලට ව්‍යාංජන   හදන්නත් මම උත්සාහ කරනවා.

යූ ටියුබ් බලලත්  කෑම හදනවද?

සමහර වෙලාවට එහෙමත් කෑම හදනවා. පසුගිය කාලේදී නම් දුවයි, මමයි ඇති වෙනකන් යූටියුබ් බලබල කෑම හැදුවා…

උයන එක වදයක් විදියට දැනිලා නැද්ද?

අනේ නැහැ ….කවදාවත්ම. මම හැමදාම හිතන දෙයක් තමයි මවක්, බිරිඳක් විදිහට පළමු වගකීම විය යුත්තේ පවුලේ යුතුකම් ඉෂ්ඨ කිරීම  කියන එක. මොන තරම් ඉහළ  තනතුරු හෙබවූ වත් මම කියන බිරිඳ කියන චරිතය ඇතුළෙ වටිනාකමක් හිමි වන්නේම ඇගේ ඉවුම් පිහුම් දක්ෂතාවය යුතුකම් ඉෂ්ඨ කිරීම මත මයි. ඒ නිසා මම කවදාවත්  උයන්නන් වාලේ උයන්නේ  නැහැ. හරිම සතුටින්, හරිම කැමැත්තෙන් තමයි ඒ හැම දෙයක්ම කරන්නේ.

උයන වෙලාවට ටී.වි බලන්න, රේඩියෝ අහන්න කැමතිද ?

නැහැ… උයන්න  කලින් නම් හිතුනොත් සින්දුවක් දෙකක් අහනවා… ඒ හැරෙන්න ඉතින් මම කැමැතියි උයන වෙලාවට ඒ වැඬේටම විතරක් හිතයොමු කරලා කරන්න. මොකද පිළිවෙළට පිරිසුදුව හැමදේම කරගන්න ඕන නිසා මනස නිදහ​ෙස් තියෙන එක උයන වෙලාවට ගොඩක් හොඳයි..

කොච්චර පිරිසක් කෑමට ආවත් කෑම හදන්න පුළුවන් ද?

ඔව් …ගෙදර  දානයක් මානයක් තිබුණත්  පුංචි සාදයක් තිබුණත්  ගෙදරට එන හැම කෙනෙකුට ම කෑම පිළියෙල කරන්නේ මම.
ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන් නිසා බයවෙන්න දෙයක් නැහැ.

හැමදාම විශේෂ කෑමක් පිළියෙල වෙන්නේ කාටද?

ගෙදර හුරතලේට හදන ඩොගීලට. ඒ අයට අවශ්‍ය විදිහට, ඒ අය කැමති විදිහට  කෑම හදන එකත් මම හරිම සතුටින් කරන දෙයක්…

ඔබ හදන කෑමක් කෙනෙක් අගය කළොත් මොන වගේ හැඟීමක් ද  හිතට දැනෙන්නේ?

ඒක හරිම උත්තේජනයක්. ඇත්තටම මම මොන කෑම හැදුවත් මගේ දුව හැමදාම මාව  අගය  කරනවා …”‍අද නම් කෑම හරිම රසයි අම්මි”‍ කියනවා .සමහර වෙලාවට අඩුපාඩුවක් තිබුනොත්  ඒකත් සතුටින් මට කියනවා.. ඒ වගේ අගය කිරීම් එක්ක තවත් රසට කෑම හදන්න හිතෙනවා.

රසට උයන්න පුළුවන් හැකියාව ආරයෙන් එනවා කියලා ඔබ හිතනවද?

සමහර වෙලාවට එහෙම එන්නත් පුළුවන්. මගේ අම්මා නිතර උයන කෙනෙක් නොවෙයි .නමුත් තුන පහ කුඩු ටිකක් ඉහලා, ලූනු කෑල්ලක් අමු මිරිස් කරලක්, කරපිංචා කොළ දෙක තුනක් දාල ඇල්වතුරෙන් අනල මොකක් හරි වෑංජනයක් හැදුවත් ඒක පුදුමාකාර රසක් …සමහර වෙලාවට ව්‍යංජනයකට දාන ඔක්කොම ජාතිත් දාලා   මිටි කිරෙන් තම්බල ගත්තත් සමහර වෙලාවට ඒ රස අපි හැදුවට එන්නේ නැහැ …..ඇත්තටම මට හිතෙන්නේ ඒක අත් ගුණේ ….මටත් ඕනෑම කෑමක් රසට හදන්න පුළුවන් හොඳ අත් ගුණයක් තියෙනවා. 

තරුණ දියණියක් ඉන්න මවක් විදිහට ඇයට මුළුතැන්ගෙයි කටයුතු ඉගැන්විය යුතුමයි කියලා ඔබ විශ්වාස කරනවාද?

අපොයි ඔව් ….මොන තරම් ඉහළට ඉගෙන ගත්තත් ගේ දොර වැඩකටයුතු, ඉහුම් පිහුම්  කටයුතු වගේම පිලිවෙල පිරිසිදු කම කියන දේත් දියණියකගේ ජීවිතේට මිල කළ නොහැකි වටිනාකමක් බව මම හැමදාම ඇයට කියනවා… ඒ වගේමයි එදා මම මගේ අම්මාගේන් ඉගෙන ගත්ත බොහෝ දේ අද මගේ දියණිය  මගෙන්  ඉගෙන ගන්නවා. සැබෑවටම දියණියකගේ මුල් ගුරුවරිය වන්නේ මව. දුව නිරතුරුව ම මව අනුකරණය කරනවා ….  

මුළුතැන්ගෙයි පිරිසිදු කිරීමේ කටයුතු සිදු වන්නේ කෙසේද?

සින්ක් එකේ බඩු පස්සේ හෝදනවා කියලා එකතු කරන්නේ නැහැ… මට ඕනේ ඒ වෙලාවෙම පිරිසිදු කරලා අදාළ තැන්වල තියන්න…. කුස්සිය ලස්සනට පිරිසිදුව තියාගන්න කොට මනසටත් නිදහසක් ….සෑම රාත්‍රියකම කුස්සියේ ඉඳුල් බින්දුවක් වත් නැති වෙන්න,  ඔක්කොම සෝදලා භාජන  සියල්ල අදාල  තැන් වල තියලා කුස්සියම  අස්කරලා ,අත පිහිදන  රෙදි කෑල්ලේ    ඉඳලා සෝදලා තමයි මම නින්දට යන්නේ ….එහෙම නින්දට ගියාම පසුදා උදේ ලස්සන කුස්සියක වැඩ ආරම්භ කරන්න පුළුවන්….

රසටම හදන කෑමක් ගැන මතක් කළොත්?

මම ගොඩක් වෙලාවට මාළු  හදන්නේ තෙල් පොඞ්ඩක් ළිපේ තියලා ඒක රත් වෙනකොට ඉඟු‍රු ,සුදුලූනු හොඳට තලලා දාලා .බී ළූණු කෑල්ලක්,කරපිංචා කෑල්ලක් උළුහාල් ටිකක් දාලා මාළු ටික ඒ තැම්බෙන්න තියෙනවා …ඇඹුලට  සියඹල ටිකක් දාලා වතුර පොඞ්ඩ මෙන්න තියල තමයි මාළු ටික තම්බලා ගන්නේ…..අමු තුන පහ කුඩු දාලා හදන මාළුව හරිම රසයි ….ගම්මිරිස් කුඩු ටිකකුත් උඩින් ඉහළම …අවශ්‍ය ප්‍රමාණයට ලු‍ණු දා ගන්නවා …හදලා බලන්නකෝ රස.

සියබලා,ගොරකා දාලා හදන හැම කෑමක් ම මම හදන්නේ මැටි ඇති ලිවල …මැටි ඇතිලිවල කෑම හැදුවහම කෑම රසයි වගේම ශරීරයටත් හිතකරයි.

අසුන්තා එදිරිසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට රට බෙදන්න අපි ඉඩ දෙන්නේ නෑ
08:55
Video thumbnail
පොඩ්ඩන්ගේ අපූරු නිදහස් දින සැමරුම
01:34
Video thumbnail
ජනාධිපති කොටීන්ට බයයි ද.. රණවිරුවෝ කියලා කියන්න දිව නැමෙන්නේ නෑ
08:21
Video thumbnail
"Politicsවල නිව් වයිබ් එකට සෙට් වෙමු" SMART UNPයේ රනිල් කිව්ව අලුත් වුණ පෙම් කැකුළ
08:26
Video thumbnail
පක්ෂ නායක රනිල් පක්ෂයේ තරුණයන්ට දුන්න සුපිරි Surprise එක..හැමෝගෙම ඇස් උඩයයි
02:03
Video thumbnail
රනිල් ඉස්සරහම UNP වේදිකාව වර්ණවත් කළ තරුණියන්ගේ අපූරු නැටුම
04:24
Video thumbnail
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයෙන් වැඩම කරවන සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
40:15
Video thumbnail
කලාතුරකින් දකින්න ලැබෙන නිල රථය සහ නිල ඇඳුම
01:12
Video thumbnail
සර්වඥ ධාතූන් වහන්සේලා සුදු පාවඩ මැදින් දැඩි ආරක්ෂාව මැද වැඩමවන හැටි
01:18
Video thumbnail
ජනාධිපතිතුමා සර්වඥ ධාතූන් වහ්සේලා වැඳ පුදාගනී
01:43


?