මැංගුස් සටනේ ගුටි කෙළියේ දී පොලිස් නිලධාරියෙකුට පහරදුන් කතාව බොරු – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

කළුතර පාසල් දෙකක් අතර පැවති වාර්ෂික ක්‍රිකට් තරගයක් අවසානයේ ඇති වූ ගැටුමක දී පයාගල පොලීසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයාට පහර දී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා.

ගැටුම සිදුවන අවස්ථාවේ දී එම නිලධාරියා එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිට ඇති බවත්, නමුත් ඔහුට පහරදීමක් සිදුව නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (02) වැඩිදුරටත් සඳහන් කළේ.

කළුතර තිස්ස ජාතික පාසල හා කළුතර මහා විද්‍යාලය අතර 13 වන වරට පැවති “මැංගුස් සටන” අවසානයේ මෙම ගැටුම සිදුව ඇති අතර, මෙහිදී කළුතර තිස්ස විද්‍යලයේ ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ප්‍රහාරයටක ලක්ව රෝහල් ගත කළා.

ඔහු පළමුව ඊයේ (01) සවස කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම සිසුවා කොළඹ ජාතික රෝහල වෙත මේ වනවිට මාරුකර යවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

අදාළ සිසුවාගේ මව විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

මේ අතර සිසුවාට පහරදීම සිදුකළ පිරිස පිළිබඳව ද ඔහුගේ මව විසින් සිදුකළ පැමිණිල්ලේ සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

https://youtu.be/wzi5mQxAmEk
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
1
+1
0
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?