මාස 07කින් පස්සට ගිය ලංකා ප්‍රීමියර් ලීගය

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කරාත්වයෙන් පැවැත්වෙන 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා මෙරට ක්‍රීඩාංගන සකස් කිරීමට සිදුවන නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම වසරේ දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ 06වන අදියර මෙම වසරේ නොපවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර නිවේදනය කරනු ලැබුවා.

ඒ අනුව එලෙස අවල්නාගු කරන ලද තාරගවලිය ලබන වසරේ ජූලි හෝ අගෝස්තු යන මාසයන්හි පැවැත්වීමට නියමිතබව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මරහ පවසනවා.

තරගාවලිය පෙර පරිදිම ගාල්ල, කොළඹ, දඹුල්ල, යාපනය සහ මහනුවර ලෙස කණ්ඩායම් 05කින් සමන්විත බවයි වර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?