මාසෙකට කලින් හිස් කළ වැවේ ප්‍රතිසංස්කරණය තවත් කල් යයි

අනුරාධපුර, නොච්චිකුලම් වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් එම වැවේ වතුර ඉවත්කොට මාසයකට අධික කාලයක් ගත වුවත් මෙතෙක් කිසිදු ප්‍රතිසංස්කරණයක් සිදුනොවීම හේතුවෙන් තමන් දැඩිලෙස පීඩාවන්ට පත්ව ඇතැයි ප්‍රදේශවාසී ජනතාව පවසනවා.

මේ වසරේ වර්ෂාව ආරම්භ වීමට තවත් සුලු කාලයක් ඉතිරිව ඇති අතර, වර්ෂාව ආරම්භ වීමට පෙර වැව පිලිසකර කිරීමට නොහැකි වීමේ දැඩි අවධානමක් පවතින බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් සඳහන් කළා.

එසේ වුවහොත් ගොවීන්ට මහ කන්නයේ ගොවිතැන් කිරීමට ද නොහැකි වීමේ අවධානමක් පවතින බවට නොච්චිකුලම් ගොවිසංවිධානය පෙන්වා දෙනවා.

නොච්චිකුලම් වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවා ලංසු තිබීමේ දී ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම වැව ප්‍රතිසංස්කරණයට ප්‍රමාදවන බවයි වාර්තා වන්නේ.

වැව ප්‍රතිසංස්කරණය වෙනුවෙන් ලංසු තැබූ කොන්ත්‍රාත් ආයතනයක් විසින් අභියාචනයක් ඉදිරිපත් කිරීම මත වැව ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රමාද වී ඇතැයි පළාත් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් අප කළ විමසීමකදී සඳහන් කළා.

අදාළ අභියාචනය සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට කම්ටුවක් පත්කොට ඇතත් කමිටුවේ වාර්ථාව ලැබීමට ප්‍රමාද වීම මෙන්ම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කොන්ත්‍රාත් ආයතනයක් තෝරා නොගැනීම හේතුවෙන් නොච්චිකුලම් ජනතාව දැඩි පීඩාවන්ට පත්ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්තගෙන් මිහින්තලේ හිමිට දැඩි වාග් ප්‍රහාරයක්
04:39
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිට මුජිබුර්ගෙන් සැර කින්ඩියක්.."අගමැතිට අපහාස කරන්නේ එයාලගේ මන්ත්‍රීලා තමයි"
04:18
Video thumbnail
ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු කැත වැඩේ එළියට..
28:13
Video thumbnail
හරිනි ඇමතිට බබා වෙන්න බෑ..හත්පොළේ ගාගෙන ඉවරයි..විමල්, මල්වතු නාහිමි බැහැදැකලා කිව්ව දේ
10:33
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08


?