spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාසික වැටුප ලක්ෂ 04යි – මහ බැංකු අධිපතිගෙන් හෙළිදරව්වක්

අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඇතැම් දේශපාලනඥයන් සහ මන්ත්‍රීවරුන් තම මසික වැටුප ගැන විවිධ අසත්‍ය ප්‍රකාශ කළත් තමාගේ වැටුප මසකට ලක්ෂ 04ක් බව මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ පවසනවා.

අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

වගකිව යුතු දේශපාලනඥයන් අසත්‍ය ප්‍රචාරවලට රැවටී ඒවා සත්‍ය ලෙස ප්‍රචාරය කිරීම පිළිබඳ තමන් කණගාටුවට පත් වන බව ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසුවේ.

එමෙන්ම තමන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබා නොගන්නා බව ද මහ බැංකු අධිපතිවරයා මෙම මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියා.

තමන්ට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නොවන බවත්, තමන් ලබාගන්නේ හිමි වැටුප, නිල නිවස සහ වාහනය පමණක් බවත් සඳහන් කළ ඔහු තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වූ පසු විශ්‍රාම වැටුපක් ලබා ගැනීමට බලාපොරොත්තු නොවන බවත් පැවසුවා.

එමෙන්ම සාමාන්‍යයෙන් රජයේ සේවකයකු වසර 10 ක කාලයක් සේවයේ නියුතු වූ පසුව පමණක් විශ්‍රාම වැටුපකට හිමිකම් කියන බවත් ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?