අධික වර්ෂාපතනය හේතුවෙන් පිටාර මට්ටමට පැමිණි ත්‍රිකුණාමලය – මාවිල් ආරු වැවේ, වැව් බැම්මේ කොටසක් ඊයේ (30) කැඩී යාමකට ලක් වුණා.
එම ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර ආපදාවෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ හා සහන සැලසීමේ මෙහෙයුම් නොවැම්බර් 30 දින පුරා නාවික හමුදාව අඛණ්ඩ සිදුකරමින් සිටිනවා.
අද (01) දිනය වනවිට ආපදාවට පත් පුද්ගලයන් 309 දෙනෙකු මුතුර් ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත් කර, ගල්කන්ද විහාරස්තාන පරිශ්‍රය වෙත යොමු කෙරුණ ඇති අතර, නාවික හමුදා ගොඩබෑමේ නෞකාවක් සහ ගොඩබෑමේ යාත්‍රාවක් මෙන්ම, වෙරළබඩ මුර යාත්‍රාවක් මුතුර් ප්‍රදේශයට ආසන්න මුහුදු ප්‍රදේශයේ සූදානම්ව තබා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
2
+1
+1





