මාවනැල්ලේ ද්විත්ව ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට – ඝාතකයා පළා ගිහින්

මත්ද්‍රව්‍ය ජාවාරමකට අදාළව ඇති වූ ආරවුලක් මත ඝාතනය කර රහසිගතව වළ දමා තිබූ මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයින් දෙදෙනාගේම සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා.

තරුණයින් දෙදෙනා අතරින් එක අයෙකුගේ සිරුරක් පසුගිය 12 වනදා සොයාගත් අතර, අනෙක් තරුණයාගේ සිරුර සොයාගනු ලැබුවේ ඊයේ (13) දිනයේ දීයි.

රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ නිවසක පසුපස වළදමා තිබිය දී මෙම සිරුරු ගොඩගත් අතර, ඒ තරුණයින් දෙදෙනෙක් පසුගිය නොවැම්බර් 19 සහ 25 යන දෙදින තුළ අතුරුදන් වී ඇති බවට මාවනැල්ල පොලීසියට ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශන වලින් අනතුරුවයි.

26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් සහ 28 හැවිරිදි මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් තරුණයින් දෙදෙනා මෙලෙස අතරුදන්ව සිට ඇති අතර, කෑගල්ල කොට්ඨාස අපරාධ කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට පුද්ගලයෙකුගෙන් ලද තොරතුරකට අනුව මොවුන්ගේ සිරුරු මෙලෙස සොයාගෙන තිබෙනවා.

රඹුක්කන, හුරීමළුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ෆර්හාන් නැමැත්තාගේ නිවස තුළ තරුණයින් දෙදෙනෙකු ඝාතනය කරන අයුරු තමා දුටු බවට තොරතුර ලබාදුන් පුද්ගලයා පොලිස් කොස්තාපල්වරයාට පවසා ඇති බව සඳහන්.

ෆර්හාන් නැමැත්තා, පසුගිය නොවැම්බර් 25 වනදා අතුරුදන් වූ මොහොමඩ් අන්වර් මොහොමඩ් අර්ෂාඩ් නම් තරුණයාට දින 03ක් පමණ නිවස තුළ දී වධහිංසා පැමිණ වූ බව එම පුද්ගලයා පවසා ඇති අතර, 26 හැවිරිදි මොහොමඩ් ඉක්බාල් මොහොමඩ් අසාර් තරුණයා පළමුව මියගිය බවත් ඔහු නිවසේ පසුපස ස්ථානයක වළදැමූ බවත් තොරතුරු ලබාදුන් පුද්ගලයා පොලිසියට පවසා තිබෙනවා.

පසුව මියගිය අනෙක් තරුණයා ද මීට පෙර මියගිය තරුණයා වළ දැමූ නිවස පිටුපස ස්ථානයේ ම වළ දැමූ බව තොරතුරු ලබාදුන් පුද්ගලයා ප්‍රකාශ කර ඇති බව සඳහන්.

මේ අතර, ෆර්හාන් නැමැත්තා තමන්ට ද පහර දී ඝාතනය කිරීමට උත්සාහ කළ බවත් එහිදී තමන් එම අවස්ථාවේ ඉන් මිදී පළා ආ බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ.

මියගිය තරුණයින් දෙදෙනාගෙන් 28 හැවිරිදි වියේ පසු වූ පුද්ගලයාගේ සහෝදරය ෆර්හාන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගෙන් මත්ද්‍රව්‍ය ලබාගෙන ඊට මුදල් ලබානොදීම නිසා මෙම තරුණයා සහ ජාවාරම්කරු අතර බහින්බස්වීමක් සිදුවී ඇති අතර එම නිසා ඔවුන් ඝාතනය කර ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සැකකාර ෆර්හාන් නැමැත්තාගේ නිවසේ පසුපස කොටසේ කොන්ක්‍රීට් තට්ටුවක් දමා කුකුළු කොටුවක් සැකසීමට සකස් කළ ස්ථානයක පොලීසිය විසින් සිදුකළ කැණිම්වල දී ඝාතනය කර පොලිතින් උරවල ඔතා වළදමා තිබූ තරුණයින් දෙදෙනාගේ සිරුරු සොයා ගැනීමට හැකියාව ලැබුණා.

මේ අතර සිද්ධියට සම්බන්ධ හුරීමළුවේ ෆර්හාන් නමැත්තා ඇතුළු ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙක් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාජපක්ෂලට තියෙන නඩු අවසන් කරන හැටි නාමල් හෙළිකරයි - මේ ආණ්ඩුවේම නඩු අහන්න ඕනි
04:42
Video thumbnail
ආර්ථිකය ගොඩදාන හැටි කියන නාමල් - මම ආර්ථික විශේෂඥයෙක් නෙවෙයි..ලෝකය අපි එනකල් ඉන්නේ නෑ
12:00
Video thumbnail
විදේශගතවෙලා ඉන්න ලාංකිකයින්ට වාසියක් - මෙන්න ජනපති අමාත්‍යාංශයට දුන් උපදෙස්
03:25
Video thumbnail
ජීවිතයම තම පුතා වෙනුවෙන් කැප කළ අසරණ මවගේ කඳුළු කතාව - අවු: 35ක් මෙහෙම මගේ පුතාව ජීවත් කළේ
07:13
Video thumbnail
හිටපු ක්‍රීඩා අමාත්‍යය රොෂාන්, යුපුන් වෙනුවෙන් පෙරට එයි - මම මැදිහත්වෙලා ලක්ෂ 50 දුන්නා යුපුන්ට
08:03
Video thumbnail
තිස්සකුට්ටිට කාලෙකින් ගත්ත ෆන් එක - "හංගා ගල් ලෙනේ..ඉන්නා කුමරියේ"
04:11
Video thumbnail
පොලිස් නිලධාරියා දාන සත්තම ?තමුන් වීඩියෝ කරලා දානවා ඕයි
01:17
Video thumbnail
දිය ඇල්ලකින් වැ#ටී පාසල් දරුවන් දෙදෙනෙක්ට දිවි අහිමි වෙයි
00:37
Video thumbnail
දෙවිනුවර පෙරහැර දැඩි ආරක්ෂාව මැද සාර්ථකව අරඹයි
01:02
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:09