මාවතගම පාසලකින් මත්වන අමුතු උපකරණයක් සොයා ගැනේ

මාවතගම පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ හදිසි සෝදිසි මෙහෙයුමකදී මාවතගම ප්‍රසිද්ධ පාසලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු සතුව තිබී මත්වීම සඳහා භාවිත කරන නවතම වර්ගයේ උපකරණයක් සොයා ගැනීමට හැකිවූ බව මාවතගම පොලීසිය පවසනවා.

පොලීසිය සඳහන් කළේ සුවඳ විලවුන් බෝතලයකට සමාන හැඩහුරුවකින් යුත් මෙම උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය පානය කිරීමෙන් මත් ගතියක් ලැබෙන බව අත්අඩංගුවට ගත් සිසුන් ප්‍රකාශ කළ බවයි.පාසල් සිසුන් දෙදෙනාගේ පොත් බෑග තුළ සඟවාගෙන තිබූ මෙම උපකරණ හමුවී තිබේ.

එම සිසුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව ඔවුන්ට ඒවා අලෙවි කළ බව කියන මාවතගම නගරයේ ව්‍යාපාරික ස්ථානයක් වටලා සිදු කළ පරීක්ෂාවකදී එහි තිබූ එවැනිම තවත් මත් උපකරණ තුනක්ද පොලීසියට හමුවී තිබේ.

ඒ අනුව සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ චෝදනාව මත එම ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශයකින් ගෙන්වා ඇති මෙම මත් ද්‍රව්‍ය සහිත උපකරණය තුළ අඩංගු ද්‍රව්‍ය සිගරැට්ටුවකට සමාන ක්‍රියාකාරිත්වයකින් යුත් බවද එහි සිගරැට්වල අඩංගු නිකොටින් තිබෙන බව ආවරණ වල සඳහන්ව ඇති බවද පොලීසිය පවසයි.

මාවතගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48