“මාලි” සාම සාධක රාජකාරී ගිය හමුදා නිලධාරීයෙකු මියයයි

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පවසනවා .

මෙලෙස මියගොස් තිබෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය එම්.ජී.එල්. මහතායි.

40 හැවරිදි දෙදරු පියෙක් වන ඔහු ඉකුත් 11 වැනිදා හෘදයාබාධයක් හේතුවෙන් මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන තුන්වන මට්ටමේ රෝහලකට ඇතුළත් කර තිබූ අතර එහි ප්‍රතිකාර අතරතුර ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බව හමුදා ප්‍රකාශකවරයා පැවසුවා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 14 ක සේවා කාළයක් සම්පූර්ණ කර ඇති මෙම ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය මහතා එළඹෙන අගෝස්තු මස 17 වැනිදා මාලි රාජ්‍යයේ සිට රාජකාරීය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්ප්‍රදායන්ට අනුකූලව ,මාලි රාජ්‍යයේ මිනුස්මා හමුදා මෙහෙයුම් ප්‍රධානී ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ,එම මූලස්ථානයේ දී ඉකුත් 16 දින දේහය පිළිබද අවමංගල්‍ය උත්සවයක් පවත්වා ඔහුට ගෞරව දක්වා තිබුණා.

දේශප්‍රිය මහතාගේ දේහය අද (22) සවස 06.00 ට තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත අතර,අවමංගල්‍ය කටයුතු පසුව ශ්‍රී ලංකා යුධ හමුදා උත්තමාචාර මධ්‍යයේ අනුරාධපුර විහාරමැදවච්චියේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?