“මාලි” සාම සාධක රාජකාරී ගිය හමුදා නිලධාරීයෙකු මියයයි

මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරී වල නිරතව සිටි ශ්‍රී ලාංකික යුධ හමුදා නිලධාරීවරයෙකු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් මිය ගොස් ඇති බව යුධ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රවි හේරත් මහතා පවසනවා .

මෙලෙස මියගොස් තිබෙන්නේ ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය එම්.ජී.එල්. මහතායි.

40 හැවරිදි දෙදරු පියෙක් වන ඔහු ඉකුත් 11 වැනිදා හෘදයාබාධයක් හේතුවෙන් මාලි රාජ්‍යයේ බනාකෝ නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවත්වා ගෙන යනු ලබන තුන්වන මට්ටමේ රෝහලකට ඇතුළත් කර තිබූ අතර එහි ප්‍රතිකාර අතරතුර ඔහු ජීවිතක්ෂයට පත් ව ඇති බව හමුදා ප්‍රකාශකවරයා පැවසුවා.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ වසර 14 ක සේවා කාළයක් සම්පූර්ණ කර ඇති මෙම ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය මහතා එළඹෙන අගෝස්තු මස 17 වැනිදා මාලි රාජ්‍යයේ සිට රාජකාරීය නිමා කර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්ප්‍රදායන්ට අනුකූලව ,මාලි රාජ්‍යයේ මිනුස්මා හමුදා මෙහෙයුම් ප්‍රධානී ඩැනියෙලා ක්‍රොස්ලැක් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ,එම මූලස්ථානයේ දී ඉකුත් 16 දින දේහය පිළිබද අවමංගල්‍ය උත්සවයක් පවත්වා ඔහුට ගෞරව දක්වා තිබුණා.

දේශප්‍රිය මහතාගේ දේහය අද (22) සවස 06.00 ට තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත අතර,අවමංගල්‍ය කටයුතු පසුව ශ්‍රී ලංකා යුධ හමුදා උත්තමාචාර මධ්‍යයේ අනුරාධපුර විහාරමැදවච්චියේ දී සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?