මාලිමා ආණ්ඩුව ඉන්ධන බලශක්ති මාෆියාවේ ගොදුරක් වෙලා – විපක්ෂ නායක සජිත් (වීඩියෝ)

වත්මන් රජය පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර, පවතින ඉන්ධන මාෆියාව වෙනස් කර ක්‍රමයේ වෙනසකට යන බවට පොරොන්දු වුවත් අද වන විට එම ක්‍රමයේ වෙනස වචනවලට පමණක් සීමා වී ඉන්ධන බලශක්ති මාෆියාව ප්‍රවර්ධනය කරන තැනට පත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

වහල මත සවිකරන සූර්ය බලශක්තියට ගෙවන කෝෂක පැනල් ගාස්තුව ගෙවීම කිලෝවෝට් පැයකට රුපියල් 37 සිට 20 දක්වා 45%කින් අඩු කර ඇති බවත්, මින් සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය වීම නොව පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට යොමුවන බොහෝ දෙනා ඉන් ඉවත් කිරිම සහ ඉන්ධන බලශක්ති මාෆියාව තවත් ශක්තිමත් කිරීම සිදුවන බවත් විපක්ෂ නායකවරයා අද (21) විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පැවසුවා.

රජය ගෙන ඇති මෙම පියවර හේතුවෙන් කුඩා ව්‍යාපාරිකයන් විශාල ප්‍රමාණයක් සූර්ය බලශක්ති ව්‍යවසායකයන් විශාල පිරිසක් අගතියට පත්ව ඇති බවත්, ව්‍යාපාර 1,000ක පමණ සේවය කරන 40,000 කට වැඩි ප්‍රමාණයකට මේ කෝෂක පැනල ගාස්තු 45%කින් අඩු කිරිම නරක ලෙස බලපා ඇති බවත් ඔවුන්ගේ රැකියා ද අවදානම් තත්ත්වයකට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?