මාලිමාවේ සාමාජිකත්වය ලැබූ එකම පවුලකට වෙනත් පක්ෂ ආධාරකරුවෙකුගෙන් ප්‍රහාරයක්

ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් එකම පවුලේ පිරිසකට ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ජාතික ජන බලවේගයට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකත්වය ලබාගත් එකම පවුලේ තිදෙනෙකුට ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එම ආධාරකරුවා ඊයේ (22) දින අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රාජනායක පැවසුවා.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වතුයායේ පදිංචි ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ආධාරකරුවෙකු ඔහුගේ බිරිඳ සහ 12 හැවිරිදි පිරිමි දරුවාට සැකකරු විසින් පහර දී තුවාල සිදු කර ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පහරකෑමෙන් තුවාල ලැබු තිදෙනා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

2025 වසර වෙනුවෙන් වතු වෘත්තීය සමිතිවලට සාමාජිකයින් බඳවා ගැනීමේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ විශාල පිරිසක් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවත්, පහරකෑමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා සහ කාන්තාව ද එම සාමාජික්තවය ලබා ගැනීම නිසා සැකකරු උරණ වී මෙම පහරදීම සිදු කර ඇති බවයි ජාතික ජන බලවේගය සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උපලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය පැවසුවේ.

එම වතුයායේ වතු වෘත්තීය සමිති සාමාජිකයින් 40 දෙනෙකුගෙන් 27 දෙනෙකු තම වෘත්තීය සමිති සාමාජිකත්වය ලබාගෙන ඇති බවත්, සමස්ත වතුකරයේ ම වතු වෘත්තීය සමිතිවල මෙතෙක් සාමාජිකත්වය දැරූ 75% ක පමණ වතු කම්කරුවන් පිරිසක් තම වෘත්තීය සමිතියේ සාමාජිකත්වය දැරීම නිසා අනෙකුත් වෘත්තීය සමිතිවල සාමාජිකයින්ගෙන් තම වෘත්තීය සමිතියට එක් වූ සාමාජිකයින්ට විවිධ අයුරින් බලපෑම් සහ
තර්ජන සිදු කරන බවත් වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?