මාලිමාවේ සාමාජිකත්වය ලැබූ එකම පවුලකට වෙනත් පක්ෂ ආධාරකරුවෙකුගෙන් ප්‍රහාරයක්

ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් එකම පවුලේ පිරිසකට ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ජාතික ජන බලවේගයට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකත්වය ලබාගත් එකම පවුලේ තිදෙනෙකුට ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවෙකු පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත එම ආධාරකරුවා ඊයේ (22) දින අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක රාජනායක පැවසුවා.

නොර්වුඩ් පොලිස් වසමට අයත් නිව්ටන් වතුයායේ පදිංචි ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු ආධාරකරුවෙකු ඔහුගේ බිරිඳ සහ 12 හැවිරිදි පිරිමි දරුවාට සැකකරු විසින් පහර දී තුවාල සිදු කර ඇති බවයි ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

පහරකෑමෙන් තුවාල ලැබු තිදෙනා දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

2025 වසර වෙනුවෙන් වතු වෘත්තීය සමිතිවලට සාමාජිකයින් බඳවා ගැනීමේ දී ලංකා කම්කරු කොංග්‍රසයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ විශාල පිරිසක් සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සාමාජිකත්වය ලබාගෙන ඇති බවත්, පහරකෑමෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා සහ කාන්තාව ද එම සාමාජික්තවය ලබා ගැනීම නිසා සැකකරු උරණ වී මෙම පහරදීම සිදු කර ඇති බවයි ජාතික ජන බලවේගය සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ උපලේකම් සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය පැවසුවේ.

එම වතුයායේ වතු වෘත්තීය සමිති සාමාජිකයින් 40 දෙනෙකුගෙන් 27 දෙනෙකු තම වෘත්තීය සමිති සාමාජිකත්වය ලබාගෙන ඇති බවත්, සමස්ත වතුකරයේ ම වතු වෘත්තීය සමිතිවල මෙතෙක් සාමාජිකත්වය දැරූ 75% ක පමණ වතු කම්කරුවන් පිරිසක් තම වෘත්තීය සමිතියේ සාමාජිකත්වය දැරීම නිසා අනෙකුත් වෘත්තීය සමිතිවල සාමාජිකයින්ගෙන් තම වෘත්තීය සමිතියට එක් වූ සාමාජිකයින්ට විවිධ අයුරින් බලපෑම් සහ
තර්ජන සිදු කරන බවත් වාර්තා වනවා.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30