මාලිනීට ජනපති අරමුදලෙන් සල්ලි දුන්න කතාව ගැන ඇමති නලින්ද අද කියන කතාව

අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී මාලිනී ෆොන්සේකාට ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

ඒ, අද (27) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එම ප්‍රශනයට පිළිතුරු දෙමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ,

“මම පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති අරමුදලින් ලබාගත් අරමුදල් සම්බන්ධව තොරතුරු. එතන මිලියන 1,220ක් සම්බන්ධයෙන් ඒ තොරතුරු. එතන කෙහෙළිය රඹුක්වැල්ල, රාජිත සේනාරත්න, දිමු ජයරත්න, දයාසිරි ජයසේකර, ඇතුළු මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ලබාගත් අරමුදල් සම්බන්ධව තමයි මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.”

ප්‍රශ්නය – ගොඩක් අධ්‍යක්ෂවරු පවා දුක හිතිලා හිටියේ සිද්ධිය සම්බන්ධයෙන්, නමුත් ඔබතුමා තාමත් සමාව ගන්නවත් කණගාටුව පළ කරන්නවත් මැලිවෙනවා ?

“මම හිතන්නේ මේක විකෘති කරලා පසුගිය දවස් කීපයේ තමයි මේක වාර්තා කරලා තිබුණේ. අපි ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත අය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒක තවත් කලාකරුවන්ට ලබාදීලා තියෙනවා. ලබා දෙන්නත් පුළුවන්. කලාකරුවන්ට ලබාදුන් වාර්තාවක් අපි ඉදිරිපත් කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න අවශ්‍ය නෑ. මාලිනී ෆොන්සේකා මහත්මිය සම්බන්ධයෙන් අපිට නිසි ගෞරවය තියෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
16
+1
1
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි ඇයි වීඩියෝ කරන්න.. නවත්තන්න ඕක
01:04
Video thumbnail
ගෙවල්වල ඉන්ධන රැස්කරගෙන ඉන්න ඉඩ දෙන්න බෑ
02:45
Video thumbnail
බීලා පොලිසියේ පිරිසක් කැලෑවක් අස්සේ දාපු සෙල්ලම
01:34
Video thumbnail
විදුලි පරිභෝජනය අඩු කරගන්න - කළිනුත් කළුවරේ හිටියනේ
02:30
Video thumbnail
ඉදිකිරීම් අමුද්‍රව්‍යයවල මිළ වැඩි කිරීම ගැන ජනතාව කිව්ව දේ..වෙන වෘත්තියක් අපි දන්නෙත් නෑ..
02:32
Video thumbnail
QR ආවත් මොනා ආවත් තෙල් පෝලිමේ නම් අඩුවක් නෑ
01:05
Video thumbnail
පොලිසියට සද්දේ දාපු මාලිමා මන්ත්‍රීට නිලධාරියා සැරටම කිව්ව දේ
05:11
Video thumbnail
ඉරාන තෙල් ලබා ගැනීමේ ප්‍රශ්නය නලින්ද හෙළිකරයි..තෙල් ප්‍රශ්නයක් ෂෙඩ්වල නැහැ
02:36
Video thumbnail
ඩබල් කැබ් ගේන්නේ අහවල් බම්බුවට ද..?
04:44
Video thumbnail
රජය රුසියාව එක්ක ගිවිසුමකට යන්නද යන්නේ ?මේක කුණාටු සමයක්..දෙන්න පුළුවන් උපරිම සහන දෙනවා
06:01