මාලිංගගෙන් කල්තියාම අනාවැකියක්

ශ්‍රී ලංකාවට තීරණාත්මක තරගයක් වූ දෙවන විස්සයි විස්ස තරගය ඉන්දියාව පරදා ලකුණු 16ක සුපිරි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (06) රාත්‍රියේ හැකියාව ලැබුණා.

කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, පන්තුම් නිස්සංක පිත්තෙන් දැක්වූ දක්ෂතා සහ නායක දසුන් ශානකගේ අති විශිෂ්ඨ තුන් ඉරියව් දක්ෂතා මෙන්ම කසුන් රාජිත සහ දිල්ෂාන් මධුසංකගේ සුපිරි පන්දු යැවීම ශ්‍රී ලංකා කණඩායමේ මෙම ජයග්‍රහණය සඳහා ප්‍රධාන වශයෙන් දායක වූ බව නොරහසක්.

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් තියුණු මුහුණුවරක් ගනු ලැබුවේ කණ්ඩායම් දෙකම මේ වනවිට එක් තරගය බැඟින් ජයගෙන සිටීම හේතුවෙන්.

පිත්තෙන් සහ අවශ්‍යම මොහොතේ පන්දුවෙන් දස්කම් දැක්වීමට සමත් වූ දසුන් ශානක ඊයේ තරගයේ වීරයා බවට පත් වුණා.

මෙහිදී දසුන්ගේ මෙම සුපිරි දක්ෂතා සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් එක්කරන්නට හිටපු ක්‍රීඩක තරු සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ කටයුතු කර තිබුණා.

මෙහිදී ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින් පවසා තිබුණේ දසුන්ගේ මෑතකාලීන රංගනයෙන් අයි.පි.එල්. කොන්ත්‍රාත්තුවක් ගැන කෑගසන බවයි.

ඔහු ඉක්මනින් අයි.පි.එල්. ගිවිසුමකට නොපැමිණියහොත් තමන් පුදුමයට පත්වන බවයි මාලිංග එහි වැඩිදුරටත් සඳහන් කරමින් අනාවැකි පළකර තිබුණේ.

02
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
99
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
Video thumbnail
ගම අපිට සුද්ද කරලා දෙන්න කොහොමහරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අපි අයින් කරන්නම්
04:49
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
01:01
Video thumbnail
තංගල්ල පොලිසිය ගහපු සුපිරි ගේම් එක මෙන්න
02:30
Video thumbnail
රෝහණ බණ්ඩාර හදිසියේ මාධ්‍ය කැඳවයි - බටලන්ද ගෙනල්ලා පටි රෝල් නේද
17:56
Video thumbnail
පරණ අවුරුද්දේ හද කම්පා කළ සිද්දිය
02:05
Video thumbnail
දැන් තුනත් නෑ - හෙල්ලෙන්නෙත් නෑ - අපිලගේ සාදු අද කතරගම හොල්ලයි
04:51
Video thumbnail
කොළඹ රන් කරපු ගමේ කොල්ලෝ කෙල්ලෝ ඔක්කොම අවුරුද්දට ගමේ ගිහිං
09:38
Video thumbnail
අවුරුදු නැකත් වැරදියි - මාධ්‍ය කැඳවයි - නැකත් නිසා අවුරුදු හබක් වෙයිද ?
18:53
Video thumbnail
කොටහේන වෙ# තැබීමේ නවතම දර්ශන - සැකකරු තවම මිසින් පොලිසිය කොළඹ පීරයි
03:43

?