AFC Banner
Empty Ad
Empty Ad

මාරාන්තික “කළු දිලීරය” ලංකාවට ඇතුළු වූ බවට තහවුරු වෙයි

ඉන්දියාවේ පැතිර යන කළු දීලිර රෝගය වැලඳුනු පුද්ගලයෙක් අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද ප්‍රකාශ කර සිටිනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ, විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පවසා සිටියේ එම දීලිරය හරහා රෝගය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවක් විය හැකි බවයි.

එම දීලිරය කොවිඩ් වෛරසය සමඟ සම්බන්ධ වුයේ කොයි ආකාරයෙන් ද යන්න සොයා බලමින් සිටින බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

“ඉන්දියාවෙන් ලැබෙන තොරතුරු ඉතාම භයානකයි. දිලීරය හරහා රෝගී තත්ත්වය උත්සන්න වීමට හා මරණ සංඛ්‍යාව වැඩිවීමට හේතුවෙලා තියෙනවා. කොවිඩ් සමඟ කොයි ආකාරයෙන් ද සම්බන්ධ වුණේ යන්න මේ වන විට ඔවුන් සොයා බලමින් පවතිනවා. අම්පාර ප්‍රදේශයට ඒක කොයි ආකාරයෙන් ද ගියේ කියන එක තාම ගැටලු සහගතයි.“ ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

( මුලාශ්‍ර : අද දෙරණ වෙබ් අඩවියෙන්)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?