මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය පෙළපොත් බෙදා හැර අවසන් කරනවා – අධ්‍යාපන ඇමති

2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන, හෝමාගම පිටිපන අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී ආරම්භ වූ අතර එහි දී යි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ඒ අනුව ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබා දීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ සාමාන්‍යයෙන් වර්ෂයකට පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 4.5ක පමණ මුදලක් වැය වුව ද මෙවර භාෂා මාධ්‍ය තුනෙන් වර්ග 350කට අධික පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් බිලියන 16කට අධික පිරිවැයක් රජය දැරූ බවයි.

එය පෙර මෙන් සිව් ගුණයට අධික මුදලක් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙවර ඉන්දියානු ණය ආධාර මත අමුද්‍රව්‍ය සපයා ගනිමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෙළපොත් අවශ්‍යතාවෙන් 45% ක් සපුරන අතර ඉතිරි 55% පෞද්ගලික මුද්‍රණාල 22ක් මගින් මුද්‍රණය කරනු ලබන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මූලික අත්තිකාරම් මුදලක් පමණක් ලබා පෙළපොත් මුද්‍රණයට ඉදිරිපත් වූ මෙරට පෞද්ගලික මුද්‍රණාලවලට ඔහු මෙහි දී සිය කෘතවේදීත්වය පළ කළා.

මුල් අදියරේ දී දුෂ්කර පළාත්වලට පෙළපොත් බෙදා හැර අනතුරු ව අගනුවර ආශ්‍රිත පාසල්වලට පෙළපොත් බෙදා හැරීම සිදු කරන බවත් පැතිරගිය දූෂමාන ආරංචි හා ආර්ථික අභියෝග ජයගනිමින් රජයේ සියලු පාසල් හා රජයේ ආධාර ලබන පාසල්වලට මෙන් ම පිරිවෙන්වලට ද නිසි කලට පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට තමන් අපේක්ෂා කරන බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා කියාසිටියේ වරින් වර අවශ්‍ය මුදල් ලබා දෙමින් භාණ්ඩාගාරය විසින් ලබා දුන් සහාය අගය කරමින් ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බවයි.

එමෙන් ම ඉදිරියේ දී පෙළපොත්වල වර්ග, හැඩ වෙනස් විය හැකි අතර එය එක වර නොව ක්‍රමානුකූල ව සිදු කරන අතර මොඩියුලර් හඳුන්වා දී මෙම වසරේ නියමු ව්‍යාපෘතියෙන් පසු ඉදිරි වර්ෂයේ දී අදියර තුනකින් ක්‍රියාවට නංවන බවත් ඔහු සඳහන් කළා.

මෙම වසරේ පළවෙනි වාරයේ දී තොරතුරු තාක්ෂණ විෂය යාවත්කාලීන කරන අතර ම ප්‍රාථමික පන්ති සඳහා, ඉංග්‍රීසි භාවිතයෙන් ආරම්භ කිරීමට ගුරුවරුන් 13,700ක් මේ වන විට පුහුණු වෙමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා පසුගිය මාස කිහිපය තුළ සැලසුම් කළ මේ අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන් සියල්ල මේ වන විට ක්‍රියාකාරී මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?