මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය පෙළපොත් බෙදා හැර අවසන් කරනවා – අධ්‍යාපන ඇමති

2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන, හෝමාගම පිටිපන අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී ආරම්භ වූ අතර එහි දී යි අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ.

ඒ අනුව ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබා දීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බව ද ඔහු සඳහන් කළා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ සාමාන්‍යයෙන් වර්ෂයකට පෙළපොත් මුද්‍රණය සඳහා රුපියල් බිලියන 4.5ක පමණ මුදලක් වැය වුව ද මෙවර භාෂා මාධ්‍ය තුනෙන් වර්ග 350කට අධික පෙළපොත් ප්‍රමාණයක් මුද්‍රණය කිරීම සඳහා රුපියල් බිලියන 16කට අධික පිරිවැයක් රජය දැරූ බවයි.

එය පෙර මෙන් සිව් ගුණයට අධික මුදලක් බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙවර ඉන්දියානු ණය ආධාර මත අමුද්‍රව්‍ය සපයා ගනිමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පෙළපොත් අවශ්‍යතාවෙන් 45% ක් සපුරන අතර ඉතිරි 55% පෞද්ගලික මුද්‍රණාල 22ක් මගින් මුද්‍රණය කරනු ලබන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මූලික අත්තිකාරම් මුදලක් පමණක් ලබා පෙළපොත් මුද්‍රණයට ඉදිරිපත් වූ මෙරට පෞද්ගලික මුද්‍රණාලවලට ඔහු මෙහි දී සිය කෘතවේදීත්වය පළ කළා.

මුල් අදියරේ දී දුෂ්කර පළාත්වලට පෙළපොත් බෙදා හැර අනතුරු ව අගනුවර ආශ්‍රිත පාසල්වලට පෙළපොත් බෙදා හැරීම සිදු කරන බවත් පැතිරගිය දූෂමාන ආරංචි හා ආර්ථික අභියෝග ජයගනිමින් රජයේ සියලු පාසල් හා රජයේ ආධාර ලබන පාසල්වලට මෙන් ම පිරිවෙන්වලට ද නිසි කලට පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට තමන් අපේක්ෂා කරන බව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා කියාසිටියේ වරින් වර අවශ්‍ය මුදල් ලබා දෙමින් භාණ්ඩාගාරය විසින් ලබා දුන් සහාය අගය කරමින් ඉදිරියටත් එම සහාය අපේක්ෂා කරන බවයි.

එමෙන් ම ඉදිරියේ දී පෙළපොත්වල වර්ග, හැඩ වෙනස් විය හැකි අතර එය එක වර නොව ක්‍රමානුකූල ව සිදු කරන අතර මොඩියුලර් හඳුන්වා දී මෙම වසරේ නියමු ව්‍යාපෘතියෙන් පසු ඉදිරි වර්ෂයේ දී අදියර තුනකින් ක්‍රියාවට නංවන බවත් ඔහු සඳහන් කළා.

මෙම වසරේ පළවෙනි වාරයේ දී තොරතුරු තාක්ෂණ විෂය යාවත්කාලීන කරන අතර ම ප්‍රාථමික පන්ති සඳහා, ඉංග්‍රීසි භාවිතයෙන් ආරම්භ කිරීමට ගුරුවරුන් 13,700ක් මේ වන විට පුහුණු වෙමින් සිටින බවත් පැවසූ අමාත්‍යවරයා පසුගිය මාස කිහිපය තුළ සැලසුම් කළ මේ අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමයන් සියල්ල මේ වන විට ක්‍රියාකාරී මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ද කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26