මාර්තු 21 වනදා දැවැන්ත උල්කාවක් පෘථිවිය අභියසින්

අඩි 3,000ක පමණ විෂ්කම්භයෙන් යුත් දැවැන්ත උල්කාවක් ලබන 21 වනදා පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත බව ඇමරිකානු නාසා ආයතනය ප්‍රකාශ කළා.

එය මේ වසරේ පෘථිවියට ආසන්න වන විශාලතම උල්කාව බවයි එමඟින් සඳහන් කළේ. මීට විසි වසරකට පෙර සොයා ගැනුනු 2001 – එෆ් ඕ 32 ලෙස නම් කෙරුණු මෙම උල්කාව පෘථිවියට සැතපුම් මිලියන 1.5 ක් තරම් ආසන්නයෙන් ගමන් කරනු ඇති. එය, දළ වශයෙන් පෘථිවිය සහ සඳ අතර පවතින දුර මෙන් පස් ගුණයක්. කෙසේ නමුත් එය අනතුරුදායක විය හැකි උල්කාවක් ලෙසයි විද්‍යාඥයන් නම් කර ඇත්තේ. නාසා ආයතනය ප්‍රකාශ කරන පරිදි මෙම උල්කාව පෘථිවිය පසුකර යනු ඇත්තේ පැයට සැතපුම් 77,000 ක වේගයෙන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?