මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරීයාම නොවැළැක්විය හැකියි

මාර්තු මස ‘එට්කා ගිවිසුම’ අත්සන් කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට එතැන් සිට ස්වෛරීත්වය අහිමි වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.

කඩුවෙල පැවති ජන හමුවක් අමතමින් විමල් වීරවංශ එසේ පැවසීය.

එමෙන්ම මාර්තු මාසයෙන් පසු ඕනෑම ඉන්දියානුවකුට රැකියාවකට සහ වෙළඳාමකට ශ්‍රී ලංකාවට නිදහසේ පැමිණිය හැකි බවත් කලක් ගත වූ පසු ශ්‍රී ලංකාව ඉන්දියානුවන්ගෙන් පිරීයාම නොවැළැක්විය හැකි බවයි ඔහු පවසන්නේ.

රට ආර්ථිකය දරුණු ලෙස පහළට වැටුණු මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ස්වෛරීත්වය බිල්ලට දෙමින් සිටින බව ඔහු පවසයි