මාර්ගය හරහා දිව ගිය දරුවා අල්ලා ගැනීමට තැත් කළ කතක් බසයක ගැටී මරුට

හලාවත – කොළඹ මාර්ගයේ වෙන්නප්පුව – දුම්මලදෙණිය ප්‍රදේශයේ දී බස් රථයක් මෝටර් කාර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

අද (17) අලුයම 04.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව – මැද දුම්මලදෙණිය පදිංචිව සිටි සමරක්තොඩි මුදියන්සේලාගේ ප්‍රියංකා ලක්මිණී නමැති 53 හැවිරිදි කාන්තාවක්.

ඇය හලාවත ගොවිජන සේවා කාර්යාලයේ සේවය කරමින් සිටි අයෙක්.

අනතුරින් මිය ගොස් ඇති කාන්තාවගේ දරුවෙකු නිවසේ දී හදිසි රෝගී තත්ත්වයට පත් ව ඇති අතර ඇය සිය ස්වාමිපුරුෂයා සමග දරුවාට ප්‍රතිකාර ලබාදීමට යමින් සිටියදියි මෙම අනතුරට මුහුණපා ඇත්තේ.

මෝටර් කාර් රථයේ සිටි දරුවා එක්වරම ඉන් බිමට බැස හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය හරහා දිව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ කිලිනොච්චිය ඩිපෝවට අයත් බස් රථයක් යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බවත් මාර්ගය හරහා දිව යන දරුවා දැක බස් රථයේ රියදුරු එහි තිරිංග තද කර තිබෙනවා.

නමුත් පැවති වැසි තත්ත්වය හේතුවෙන් ලිස්සා ගොස් ඇති බස් රථය මාර්ගය අයිනේ නවතා තිබූ මරණකාරිය පැමිණ ඇති මෝටර් රථයේ ගැටී ඇති බවයි පැවසෙන්නේ.

බස් රථයේ ගැටුණු මෝටර් රථය විසිවී ගොස් දරුවා බේරා ගැනීමට රථයෙන් බැස සිටි කාන්තාවගේ ගැටීමෙන් අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා සිටි කාන්තාව ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදී ම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඇය මිය ගොස් ඇති බවයි රෝහල් නිලධාරීන් පවසා ඇත්තේ.

අනතුරට සම්බන්ධ බස් රථය පැදවූ රියදුරුව වෙන්නප්පුව පොලීසියේ රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
10
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34