මාර්ගය හරහා දිව ගිය දරුවා අල්ලා ගැනීමට තැත් කළ කතක් බසයක ගැටී මරුට

හලාවත – කොළඹ මාර්ගයේ වෙන්නප්පුව – දුම්මලදෙණිය ප්‍රදේශයේ දී බස් රථයක් මෝටර් කාර් රථයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.

අද (17) අලුයම 04.30ට පමණ මෙම අනතුර සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

අනතුරින් මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව – මැද දුම්මලදෙණිය පදිංචිව සිටි සමරක්තොඩි මුදියන්සේලාගේ ප්‍රියංකා ලක්මිණී නමැති 53 හැවිරිදි කාන්තාවක්.

ඇය හලාවත ගොවිජන සේවා කාර්යාලයේ සේවය කරමින් සිටි අයෙක්.

අනතුරින් මිය ගොස් ඇති කාන්තාවගේ දරුවෙකු නිවසේ දී හදිසි රෝගී තත්ත්වයට පත් ව ඇති අතර ඇය සිය ස්වාමිපුරුෂයා සමග දරුවාට ප්‍රතිකාර ලබාදීමට යමින් සිටියදියි මෙම අනතුරට මුහුණපා ඇත්තේ.

මෝටර් කාර් රථයේ සිටි දරුවා එක්වරම ඉන් බිමට බැස හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය හරහා දිව ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ කිලිනොච්චිය ඩිපෝවට අයත් බස් රථයක් යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බවත් මාර්ගය හරහා දිව යන දරුවා දැක බස් රථයේ රියදුරු එහි තිරිංග තද කර තිබෙනවා.

නමුත් පැවති වැසි තත්ත්වය හේතුවෙන් ලිස්සා ගොස් ඇති බස් රථය මාර්ගය අයිනේ නවතා තිබූ මරණකාරිය පැමිණ ඇති මෝටර් රථයේ ගැටී ඇති බවයි පැවසෙන්නේ.

බස් රථයේ ගැටුණු මෝටර් රථය විසිවී ගොස් දරුවා බේරා ගැනීමට රථයෙන් බැස සිටි කාන්තාවගේ ගැටීමෙන් අනතුර සිදු වී තිබෙනවා.

අනතුරින් තුවාල ලබා සිටි කාන්තාව ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදී ම මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඇය මිය ගොස් ඇති බවයි රෝහල් නිලධාරීන් පවසා ඇත්තේ.

අනතුරට සම්බන්ධ බස් රථය පැදවූ රියදුරුව වෙන්නප්පුව පොලීසියේ රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
10
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?