AFC Banner
Empty Ad
Empty Ad

මාර්ගයක වැටී තිබූ පුද්ගල මළසිරුරක් හමු වෙයි.. ප්‍රදේශයේ දැඩි කොරෝණා බියක්.

යාපනය පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ මාර්ගයක් අසල වැටී සිටි පුද්ගල මළ සිරුරක් ඊයේ (17) සවස සොයාගත් බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.

යාපනය දිස්ත්‍රීක්කයේ පේදුරුතුඩුව  මේ වන විට කොරෝණා ව්‍යාප්තියේ අවධානම්ම ප්‍රදේශය වන අතර කොරෝණා ආසාදිතයින්ද දිනෙන් දින වැඩිවෙමින් පැවතීම හේතුවෙන් ජනතාව තුල දැඩි කොරෝණා බියක් ඇතිව තිබේ.

කෙසේ වෙතත් මාර්ගයේ වැටී සිටි පුද්ගල මළ සිරුර පේදුරුතුඩුව කරවෙඩ්ඩි ප්‍රදේශයේ පදිංචි 78 හැවිරිදි වෛරව නාගරත්නම් නැමති අය බවට හඳුනාගෙන ඇත.

නමුත් මිය ගොස් සිටි පුද්ගලයාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර මළ සිරුර පී.සීආර්. පරික්ෂණයක් සිදුකිරීමට සහ පශ්චාත් මරණ පරික්ෂණය සඳහා පේදුරුතුඩු රෝහලට රැගෙන ගොස් ඇතැයි පරික්ෂණ සිදුකරන පේදුරුතුඩව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?