මාරවිල – මුදුකටුව ප්‍රදේශයේ වෙරළ තීරයේ දී දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමකින් පසුව සිදුකළ පිහි ඇනුමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බවයි මාරවිල පොලීසිය සඳහන් කළේ.
ඊයේ (03) රාත්‍රී 7.00 ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති අතර, සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ මාරවිල, වීදි පාර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 32ක පුද්ගලයෙක්.
පිහි ඇනුමෙන් තුවාල ලබා ඇත්තේ නාත්තන්ඩිය, පරාක්‍රම මාවත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක තරුණයෙක් බවයි වාර්තා වන්නේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මිතුරන් දෙදෙනෙකු සමඟ මුහුදු වෙරළේ දියනාමින් සිටින විට එම ස්ථානයට වෑන් රථයකින් පැමිණි පිරිසක් මත්පැන් පානය කරමින් කෑ කෝ ගසන්නට පටන් ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ දී දෙපිරිස අතර ඇතිවූ බහින් බස්වීමකින් පසුව පිහි ඇණුම සිදුව ඇති බවයි පොලීසිය විසින් කරන ලද විමර්ශණවල දී අනාවරණය වී ඇත්තේ.
ඝාතනයට සම්බන්ධයෙන් තවමත් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මාරවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.





