Empty Ad
AFC Banner
Empty Ad

මාරක අනතුරුවලින් දෙදෙනකු මියයයි

ඊයේ (12) දිනයේ සිදු වූ රිය අනතුරු දෙකකින් දෙදෙනකුට දිවි අහිමි වුණා.

ඉන් එක් මරණයක් වාර්තා වන්නේ පිංදෙනිය පොලිස් වසමේ හරිගල – මල්වාන මාර්ගයේ කිරිදන ප්‍රදේශයේ දී යි.

මල්වාන දෙස සිට හරිගල දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදු වුණා.

එම අනතුරින් බරපතළ තුවාල ලැබූ ත්‍රීරෝද රථ රියදුරු හා එහි ගමන් ගත් පුද්ගලයෙකු තොරණගහපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී රියදුරු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය පැවසුවේ.

අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට මාරු කර යැවුණා.

මරණකරු වයස අවුරුදු 56 ක් වූ කිරිදන, අටාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර තවත් මාරක අනතුරක් ඊයේ උදෑසන කාලයේ ඇල්ල පොලිස් වසමේ හාලිඇල – බෙරගල මාර්ගයේ හල්පේ ප්‍රදේශයේ දී සිදු වුණා.

බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ වම්පස නවත්වා තිබී නැවත මාර්ගයට ගැනීමේදී බදුල්ල දෙස සිට බණ්ඩාරවෙල දෙසට ගමන් කළ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව වූ අතර ඉන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු දෙමෝදර රෝහලට ඇතුළත් කිරීමේ දී මරුමුවට පත් වුණා.

මරණකරු වයස අවුරුදු 43 ක් වූ ගල්බොක්ක, වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?