නෙළුව – පැලවත්ත මාර්ගයේ ත්‍රී රෝද රථයක් සහ තේ දළු රැගෙන යන ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතිි බව තිණියාවල පොලිසිය පවසනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ නෙළුව – කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි, 27 සහ 55 වියැති කාන්තාවන් දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.
ලොරි රථය නෙළුව දෙස සිට පැලවත්ත දෙසට ගමන්කර ඇති අතර, පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය 7 කණුව ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
තුවාලකරුවන් මීගහතැන්න රෝහලට රැගෙන ගිය ද, එහිදී දෙදෙනෙකු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.
ලොරි රථය සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, තිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.