මාරක අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මරුට

නෙළුව – පැලවත්ත මාර්ගයේ ත්‍රී රෝද රථයක් සහ තේ දළු රැගෙන යන ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතිි බව තිණියාවල පොලිසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ නෙළුව – කළුබෝවිටියාව ප්‍රදේශයේ පදිංචිව සිටි, 27 සහ 55 වියැති කාන්තාවන් දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.

ලොරි රථය නෙළුව දෙස සිට පැලවත්ත දෙසට ගමන්කර ඇති අතර, පැලවත්ත දෙස සිට නෙළුව දෙසට ගමන්ගත් ත්‍රිරෝද රථය 7 කණුව ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටී ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

තුවාලකරුවන් මීගහතැන්න රෝහලට රැගෙන ගිය ද, එහිදී දෙදෙනෙකු මියගොස් ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

ලොරි රථය සහ ත්‍රිරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති අතර, තිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46