spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මාමණ්ඩිය අතින් ඊයේ රෑ අවසන් ගමන් ගිය බෑණා

කඳාන, දොළහේන ප්‍රදේශයේ නිවසක ඇති වූ ආරවුලක් අතර තුර සිදුකළ පහරදීමකින් 28 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති අතර, ඝාතනය ලක් වූ පුද්ගලයාගේ බිරිඳගේ පියා විසින් මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මරණකරු බිරිඳගෙන් මුදල් ඉල්ලා ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් බිරිඳගේ පියා විසින් පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ.

අපරාධය සිදුකළ 57 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු හෙට (04) දිනයේ වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පැවසුවා.

සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?