විශේෂඥ වෛද්‍යවරුයෙක්ගේ නිර්දේශයක් නොමැතිව මානසික රෝගීන් වෙත ලබා දෙනු ලබා දෙන ඖෂධ පෙති, තරුණයන්ට අලෙවි කළ බව කියන හැටන් නගරයේ ඔසුසැල් හිමියෙක් හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් අද (24) දිනයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම ඔසුසැල් හිමියා තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඉතා අධික මිලකට වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මෙම ඖෂධ අලෙවි කරන බවට හැටන් කොට්ඨාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකරට ලද තොරතුරක් මත හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් පොලිස් උපාය දුතයෙක් යොදා ගනිමින් එම ඖෂධ වෙළදසැල් හිමියාගෙන් වෛද්‍ය නිර්දේශයක් නොමැතිව ඖෂධ මිලදී ගෙන ඔසුසැල් හිමියා සහ සැකකරු අලෙවි කිරිමට සූදානම් කර තිබූ මත් පෙති 1400කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණ්‍ය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.













