ඇෆ්ගනිස්තානයේ රුපවාහිනි ආයතනයක සේවය කළ තරුණ මාධ්‍යවේදිනියන් තිදෙනකු
ජලාලාබාද් නගරයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ වාර්තා
කළේය. ඒ අතර වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලත් තවත් දෙදෙනකු රෝහල් ගත කර
ඇත. ඝාතනයට ලක්වූ තරුණියන් වයස අවුරුදු 18-20ත් අතර වන බව එම වාර්තාවල සඳහන්.
වෙඩි තැබීම සිදු කළ ප්‍රධාන තුවක්කුකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. නමුත් තලේබාන් සංවිධානය නිවේදනය කර ඇත්තේ එම ඝාතන සදහා තමන්ට වගකි නොහැකි බවයි. පසුගිය කාලයේදී ඇෆ්ගනිස්තානයේ මාධ්‍යවේදින් සිවිල් ක්‍රියාධරයන් සහ දේශපාලන
ක්‍රියාකාරීන් විශාල පිරිසක් හඳුනානොගත් තුවක්කකරුවන් විසන් ඝාතනය කරනු ලැබ තිබේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1