AFC Banner
AFC Banner
Empty Ad

මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ නඩුවක පැටලැවිල්ලක්

පාස්කු ප්‍රහාරයට අදාළ තොරතුරු වාර්තා කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට අදාළ තොරතුරු ලැබුණු ආකාරය ගැන නියෝගයක් ඉල්ලා සිටි නීතිඥවරයා සේවාදායකයකුගේ උපදෙස් නොමැතිව අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් යැයි කියමින් පෙනී සිටීම බරපතළ තත්ත්වයක් බව නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නා.

මෙම නඩුව මෝසමක් මගින් කැඳවූ නීතිඥ සජීව ගමගේ මහතා පසුගිය නඩු දිනයේ අධිකරණයට දැනුම් දුන්නේ තමා පෙනී සිටින්නේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූ නීතිඥ මෝදිත මහතා වෙනුවෙන් බවයි.

අද මහේස්ත්‍රාත්වරිය දැනුම්දුන්නේ; ”තමා වෙනුවෙන් පෙනී සිට කරුණු දැක්වීමට කිසිවෙකුට තමා උපදෙස් දී නැති බවට” නීතිඥ මෝදිත ඒකනායක මහතා මෝසමක් මගින් අධිකරණයට දැනුම් දී ඇති බව ප්‍රකාශ කරනු ලැබුවා.

නීතිඥ මෝදිත මහතා තම නිවසට පැමිණ කෝපි පානය කළ බවත්, මෛත්‍රීපාල සිරිසේන මෙන් ඔහු වෙනස් වී ඇති බවත්, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ පාර්ශ්වයෙන් නීතිඥ මෝදිත මහතාව මුදලට ගෙන ඇති බවත් නීතිඥ සජීව ගමගේ මහතා දැනුම්දුන්නා.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ප්‍රකාශ කළේ නීතිඥ සජීව මහතා අධිකරණය හෑල්ලුක⁣රමින් නීතියේ ආධිපත්‍යය හෑල්ලුකරමින් වගකීම් විරහිතව කටයුතු කරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ සජීව ගමගේ මහතා සඳහන් කළේ මෙම නඩුවේ සැකකරුවකු නම් කර නොමැති හෙයින් නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතාට පෙනී සිටීමට හැකියාවක් නොමැති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නීතිඥ වේරගොඩ මහතා පෙන්වා දුන්නේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට එරෙහිව මේ නඩුවේ නියෝග ඉල්ලා ඇති හෙයින් ඔහු වෙනුවෙන් තමා පෙනී සිටින බවයි.

මේ නඩුවට අදාළ ගොනුව අද නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කළ බවත්, ඉදිරියේදී නීතිපති උපදෙස් අනුව කටයුතු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී තිබෙනවා.

ඒ අනුව වැඩිදුර කැඳවීම අප්‍රේල් 30 තෙක් කල්තැබුණා.

මෙම නඩුවේ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන වෙනුවෙන් නීතිඥ වැලිකුඹුර, ඩිලාන් නාලක, මනුෂිකා කුරේ ඇතුළු නීතිඥවරු පිරිසක් සමඟ නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා පෙනී සිටියා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් බව කියමින් නීතිඥ සජීව ගමගේ මහතා පෙනී සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි මිනීමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පෙනී සිටි බව ද දසත අධිකරණ වාර්තාකරු පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?