මාතලේ මහනුවර දුම්රිය මාර්ගය තාවකාලිකව වැසේ

ලබන 18 වනදා මධ්‍යම රාත්‍රියේ සිට 21 වනදා අලුයම 4 දක්වා කාල සීමාව තුළ මාතලේ සහ මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් ඊට හේතුවයි.