AFC Banner
AFC Banner
Empty Ad

මාතලේ පොහොට්ටු බල මණ්ඩලයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩලයේ පූර්ණ ජනාධිපතිවරණ සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට හිමි ව තිබෙනවා.

අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ සහභාගිත්වයෙන් දඹුල්ලේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මේ බව තීරණය කෙරුණා.

එහිදී ඔවුන් සඳහන් කර සිටියේ ඉදිරි මැතිවරණයේ දී සිය සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හට ලබාදීමට මාතලේ පොහොට්ටු සාමාජිකයින් තීරණය කළ බවයි.

මෙම බලමණ්ඩල හමුව සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු ආසන සංවිධායකයන් සහ කැඳවුම්කරුවන්, හිටපු පළාත් සභා අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්, නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන අපේක්ෂකයන් සහ පක්ෂයේ දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන ප්‍රධානීන් රැසක් එක් ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?