මාතලේ පොහොට්ටු බල මණ්ඩලයේ සහායත් රනිල්ට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් බල මණ්ඩලයේ පූර්ණ ජනාධිපතිවරණ සහාය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හට හිමි ව තිබෙනවා.

අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන්, ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායකගේ හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ගේ සහභාගිත්වයෙන් දඹුල්ලේ දී පැවැත්වූ විශේෂ සාකච්ඡාවක දී මේ බව තීරණය කෙරුණා.

එහිදී ඔවුන් සඳහන් කර සිටියේ ඉදිරි මැතිවරණයේ දී සිය සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හට ලබාදීමට මාතලේ පොහොට්ටු සාමාජිකයින් තීරණය කළ බවයි.

මෙම බලමණ්ඩල හමුව සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු ආසන සංවිධායකයන් සහ කැඳවුම්කරුවන්, හිටපු පළාත් සභා අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්, හිටපු පළාත් පාලන ආයතන ප්‍රධානීන්, නියෝජිතයන් සහ පළාත් පාලන ආයතන අපේක්ෂකයන් සහ පක්ෂයේ දිස්ත්‍රික් අනුබද්ධ සංවිධාන ප්‍රධානීන් රැසක් එක් ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39