AFC Banner
Empty Ad
Empty Ad

මාතර, කැකණදුරට බෝම්බ බියක් ගෙන ආ සුනඛයා

මාතර කැකණදුර ඉන්ධන පිරවුම්හල අසල තිබී ජීව අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා. අද (05) පෙරවරුවේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුනු තොරතුරකට අනුවයි මෙය සොයාගෙන ඇත්තේ.

අනතුරුව යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය විසින් ආරක්ෂිතව එය නිෂ්ක්‍රිය කර වැඩිදුර විමර්ශන සඳහා මාතර පොලිසියට භාරදී තිබෙනවා.

සිදුකළ මූලික විමර්ශණවලදී අනාවරණ වී ඇත්තේ ඊයේ රාත්‍රියේ සුනඛයෙකු විසින් මෙම බෝම්බය රැගෙන පැමිණ ඇති බවටයි.

එම ස්ථානයේ සවිකර තිබූ කැමරාවල සුනඛයා බෝම්බය රැගෙන එන ආකාරය ද සටහන් වී තිබෙනවා. සිද්ධීය සම්බන්ධයෙන් විමර්ශණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?