පසුගිය 27 වනදා රාත්‍රියේ බද්දේගම, ඇත්කඳුර ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති ආරවුලක දී පුද්ගලයින් දෙදෙනෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධය පිළිබඳව බද්දේගම පොලිසිය විසින් ආරම්භ කර තිබූ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා ඊයේ (02) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 33 හා 41 යන වයස්වල පසුවන බටපොල සහ ඇත්කඳුර ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.
ඇත්කඳුර ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකදී පසුගිය 27 වනදා රාත්‍රියේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක දී මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මෙලෙස ඝාතනයට ලක් වුණේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙක්.