ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් අද (07) පස්වරුවේ දිල්ලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙනවා.
දිල්ලි ගුවන් තොටුපොළ බලධාරීන් සඳහන් කළේ අධික වර්ෂාව හේතුවෙන් ගුවන් යානා 15ක් වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටයුතු කළ බවයි.
ඒ, අනුව ගුවන් ගමන් අටක් ජායිපූර් වෙතද, පහක් ලක්නව් වෙතද, දෙකක් චන්දිගාර් වෙතද හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.
දිල්ලි නුවරට අද (07) අලුයම ආරම්භ වූ වැසි දවස පුරා පැවති අතර, දහවල් කෙටි නිහැඬියාවකින් පසු පස්වරුවේ ඉතා තද වැසි ඇති වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විශාල රථවාහන තදබදයක් සහ ජල ගැලීම් ද වාර්තා වී තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





