මහ වැස්සෙන් දිල්ලියේ ගුවන් ගමන්වලට බාධා

ඉන්දියාවේ නවදිල්ලි නුවරට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් අද (07) පස්වරුවේ දිල්ලි ගුවන් තොටුපොළේ ගුවන් ගමන්වලට බාධා එල්ල වී තිබෙනවා.

දිල්ලි ගුවන් තොටුපොළ බලධාරීන් සඳහන් කළේ අධික වර්ෂාව හේතුවෙන් ගුවන් යානා 15ක් වෙනත් ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටයුතු කළ බවයි.

ඒ, අනුව ගුවන් ගමන් අටක් ජායිපූර් වෙතද, පහක් ලක්නව් වෙතද, දෙකක් චන්දිගාර් වෙතද හරවා යැවීමට කටයුතු කර තිබෙනවා.

දිල්ලි නුවරට අද (07) අලුයම ආරම්භ වූ වැසි දවස පුරා පැවති අතර, දහවල් කෙටි නිහැඬියාවකින් පසු පස්වරුවේ ඉතා තද වැසි ඇති වූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ කිහිපයක විශාල රථවාහන තදබදයක් සහ ජල ගැලීම් ද වාර්තා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38