අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 11ක ඩෙංගු අවදානම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
ඒ, අනුව රෝගය පැතිරීම වැළැක්වීම සඳහා පිරිසිදු වටපිටාවක් පවත්වා ගන්නා ලෙසයි මහජනතාවට දැනුම් දෙන්නේ.
මේ අතර පසුගිය වසර තුළ ඩෙංගු රෝගයෙන් පුද්ගලයින් විසි දෙදෙනෙකු මිය ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එම කාලය තුළම ඩෙංගු රෝගීන් හතළිස් දහසකට වඩා වාර්තා වී ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ.
මේ අතර දින තුනකට වඩා පවතින අධික උණ, දරුණු හිසරදය, වමනය සහ ශරීර වේදනාව, සම යට කුඩා රුධිර ලප වැනි රෝග ලක්ෂණ මතු වුවහොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















