මහ රෑ කුරුඳුවත්ත පොලීසියට ආ අසාද් සාලි

අසාද් සාලි මහතා කුරුඳුවත්ත පොලිස් ස්ථානය වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දී තිබේ. ඊයේ (13) රාත්‍රීයේ අසාද් සාලි මහතා අදාළ ප්‍රකාශය ලබාදී ඇත. මෙරට නීතිය සම්බන්ධයෙන් මතභේදාත්මක ප්‍රකාශයක් අසාද් සාලි මහතා විසින් පසුගියදා සිදුකළ අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක්ම ඉදිරිපත් වී තිබුණි.

මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ සඳහන් කළේ අදාළ ප්‍රකාශය පිළිබඳව ආසාද් සාලි මහතාගෙන් විමසීමක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බවය. කෙසේ වෙතත් තමන් ඕනෑම අවස්ථාවක පොලීසිය ඉදිරියේ පෙනී සිටින බව කුරුඳුවත්ත පොලීසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසාද් සාලි මහතා ප්‍රකාශ කළේය.

“මම හිතනවා මේ රටේ නීතියක් තියෙනවා.  එක රටේ එක නීතියක් නම් ඒක හරියට ක්‍රියාත්මක වෙන්න එපැයි. ඒක තියෙනවා කියලා මම හිතනවා. මේ පැමිණිලි දාන මිනිස්සු කවුද කියලා බලන්න ඕනේ,” යනුවෙන් ද ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09