AFC Banner
AFC Banner
Empty Ad

මහ මැතිවරණය නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂකයින් 50ක් – නිල ඡන්ද පත්‍රිකාවලින් 97%ක් බෙදලා

එළඹෙන මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් 50 දෙනෙකු පමණ සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් දැනටමත් දිවයිනට පැමිණ ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි දිනවල දී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට අමතරව, ජාතික මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් සාර්ක් රටවල සහ රුසියාවේ නියෝජිතයින් ඇතුළු තවත් රටවල් 08ක මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කාලය තුළ රාජ්‍ය දේපළ අවභාවිතය අවම වී ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙනවා.

මේ අතර තැපැල් ඡන්දයේ සියලුම කටයුතු අවසන් වී ඇති බවත්, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව තැපැල් ඡන්දදායකයින්ට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව නොලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවා.

එමෙන්ම නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට අවසන් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකාවලින් 97%ක් මේ වන විට බෙදාහැර ඇති බවයි.

මේ වන විට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් වෙතොත් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?