මහ මැතිවරණය නිරීක්ෂණයට විදෙස් නිරීක්ෂකයින් 50ක් – නිල ඡන්ද පත්‍රිකාවලින් 97%ක් බෙදලා

එළඹෙන මහ මැතිවරණය නිරීක්ෂණය සඳහා විදේශීය මැතිවරණ නිරීක්ෂකයින් 50 දෙනෙකු පමණ සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

යුරෝපා සංගමයේ නිරීක්ෂකයින් දැනටමත් දිවයිනට පැමිණ ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

නිදහස් මැතිවරණ සඳහා වන ආසියානු ජාලයේ මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි දිනවල දී පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මීට අමතරව, ජාතික මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් සාර්ක් රටවල සහ රුසියාවේ නියෝජිතයින් ඇතුළු තවත් රටවල් 08ක මැතිවරණ නිරීක්ෂකයින් පිරිසක් ද දිවයිනට පැමිණීමට නියමිත බවයි වාර්තා වුණේ.

එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කාලය තුළ රාජ්‍ය දේපළ අවභාවිතය අවම වී ඇති බව මැතිවරණ නිරීක්ෂකයින් පෙන්වා දෙනවා.

මේ අතර තැපැල් ඡන්දයේ සියලුම කටයුතු අවසන් වී ඇති බවත්, තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි බව තැපැල් ඡන්දදායකයින්ට තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය භාවිතා කිරීමට අවස්ථාව නොලැබෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවා.

එමෙන්ම නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම තැපැල් දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට අවසන් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

මේ අතර තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකාවලින් 97%ක් මේ වන විට බෙදාහැර ඇති බවයි.

මේ වන විට නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්දදායකයින් වෙතොත් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර ළඟම ඇති තැපැල් කාර්යාලයෙන් ඒවා ලබා ගත හැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සුන්ට ජරා කෑම කන්න දීපු අපායක් කොටුවෙයි
03:52
Video thumbnail
ඥානසාර හිමිව අධිකරණයට - ඇතුලට යන්න කළින් කිව්ව දේ මෙන්න
01:35
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52