මහ මග මරා දැමූ වීදි සුනඛයෝ – මියගියවුන් අතර ගැබිණි සත්ත්වයෙකුත්

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රදේශයේ බිහිසුණු සිදුවීමක් සිදු ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව වීදි බල්ලන් සිව්දෙනෙකුට පොලුවලින් ගසා ඇති බවත් ඉන් සුනඛයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් සුනඛයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

එලෙස ඝාතනයට ලක් වූ සුනඛයින්ගෙන් එක් අයෙකු ගැබිණි සත්ත්වයෙකු බව ද වාර්තා වනවා.

මෙම සිදුවීම මෙඩ්චල් – මල්කජ්ගිරි දිස්ත්‍රික්කයේ ජවහර්නගර් නගරයේ සිදු ව ඇති අතර සිදුවීම සැල වීමෙන් පසුව සත්ත්ව හිංසනය පිටුදකින සංගම් මීට එරෙහිව දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

කෙසේවෙතත් බලධාරීන් පැවසුවේ මෙලෙස සුනඛයින්ට පහරදීමට මෙතෙක් නිශ්චිත හේතුවක් හෙළිව නොමැති බවයි.

ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වී ඇති අතර එහිදී සුනඛයින් සිව්දෙනා දැලක පැටලී සිටින අතර තිදෙනකු එක්ව එම සතුන්ට කුරුරි ලෙස පහරදෙමින් සිටින අයුරුයි දැක්වෙන්නේ.

බරපතළ ලෙස තැලුම් පහර කෑ එම සුනඛයින් සිව්දෙනාගෙන් තිදෙනෙකු පහරකෑමට ලක් වූ ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වූ බවත් එක් සුනඛයෙකු ඇසක් ද අහිමි ව බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වාර්තා වනවා.

ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක වීදි සුනඛයින්ට ප්‍රහාර මාලාවක් සිදුව ඇති පසුබිමක තෙලෙන්ගානා මහාධිකරණය වෙත සත්ත්ව හිංසන සම්බන්ධයෙන් නඩුවක් ද ගොනුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?