AFC Banner
AFC Banner
Empty Ad

මහ මග මරා දැමූ වීදි සුනඛයෝ – මියගියවුන් අතර ගැබිණි සත්ත්වයෙකුත්

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රදේශයේ බිහිසුණු සිදුවීමක් සිදු ව තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ තිදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක්ව වීදි බල්ලන් සිව්දෙනෙකුට පොලුවලින් ගසා ඇති බවත් ඉන් සුනඛයින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් තවත් සුනඛයෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.

එලෙස ඝාතනයට ලක් වූ සුනඛයින්ගෙන් එක් අයෙකු ගැබිණි සත්ත්වයෙකු බව ද වාර්තා වනවා.

මෙම සිදුවීම මෙඩ්චල් – මල්කජ්ගිරි දිස්ත්‍රික්කයේ ජවහර්නගර් නගරයේ සිදු ව ඇති අතර සිදුවීම සැල වීමෙන් පසුව සත්ත්ව හිංසනය පිටුදකින සංගම් මීට එරෙහිව දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

කෙසේවෙතත් බලධාරීන් පැවසුවේ මෙලෙස සුනඛයින්ට පහරදීමට මෙතෙක් නිශ්චිත හේතුවක් හෙළිව නොමැති බවයි.

ඊට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍යයෙහි සංසරණය වී ඇති අතර එහිදී සුනඛයින් සිව්දෙනා දැලක පැටලී සිටින අතර තිදෙනකු එක්ව එම සතුන්ට කුරුරි ලෙස පහරදෙමින් සිටින අයුරුයි දැක්වෙන්නේ.

බරපතළ ලෙස තැලුම් පහර කෑ එම සුනඛයින් සිව්දෙනාගෙන් තිදෙනෙකු පහරකෑමට ලක් වූ ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වූ බවත් එක් සුනඛයෙකු ඇසක් ද අහිමි ව බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් පශු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වාර්තා වනවා.

ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයක වීදි සුනඛයින්ට ප්‍රහාර මාලාවක් සිදුව ඇති පසුබිමක තෙලෙන්ගානා මහාධිකරණය වෙත සත්ත්ව හිංසන සම්බන්ධයෙන් නඩුවක් ද ගොනුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?