AFC Banner
Empty Ad
Empty Ad

මහ බැංකු අධිපතිට එරෙහි පෙත්සමට දුන් තීන්දුව

අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

ඒ අනුව වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් නොකර එය ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා සහ ධම්මික ගනේපොල මහතා නියෝග කළා.

වග උත්තරකරුවන්ගේ මූලික විරෝධතා පිළිගෙන මෙම පෙත්සම ප්‍රතික්ෂේප කරන බව අභියාචනාධිකරණය දැනුම් දෙන ලදී. මෙම පෙත්සම පවත්වාගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව අධිකරණය තීරණය කරන ලදී. විත්තිකරුවෙකුට ඇති චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරීම නීතිපතිවරයාගෙ කාර්‍ය්ක් බවද අභියාචනාධිකරණය අවධාරණය කර සිටියා.

මෙම පෙත්සම දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් විසින් ගොනු කරන ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?