මහ කන්නයට පොහොර මිල දී ගැනීමට ගොවීන්ට මුදල්

මහ කන්නයට පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 12,000ක් ගොවි ගිණුම්වලටම බැර කිරීමට තීරණය කර තිබේ.

හෙක්ටයාර් 01කට රුපියල් 15,000ක් බැගින් ලබා දෙන බව නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඊයේ (20) දිවයින පුරා සිටින ලංකා ජාතික ගොවි සංවිධාන බල මණ්ඩල නියෝජනය කරන දිස්ත්‍රික්ක 25ම සභාපතිවරු සමග කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගොවි ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ.

මේ වනවිට පොහොර සම්බන්ධව පවතින තත්ත්වය පැහැදිලි කළ අමාත්‍යවරයා බණ්ඩි පොහොර හා යුරියා පොහොර දැනටමත් අවශ්‍ය ප්‍රමාණයට රජය සතුව තිබෙන අතර මුලික පොහොර හෙවත් මඩ පොහොර පුද්ගලික අංශය විසින් සැපයීමට නියමිත බව ද සඳහන් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?