තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස දිවුරුම් දීමට සුපිරි නළු විජේට අද (09) දිනයේ ආරාධනා කර නොමැති බව තමිල්නාඩු ආණ්ඩුකාර කාර්යාලයේ ආරංචි මාර්ග පවසනවා.
ආසන 234 කින් සමන්විත තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නම් මන්ත්‍රීවරුන් 118 දෙනෙකුගේ සහයෝගය අවශ්‍ය වනවා.
කෙසේ වෙතත් විජේට තවමත් හිමිව ඇත්තේ මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ සහාය පමණයි.
විජේගේ තමිලගා වෙට්‍රි කසාගම් පක්ෂය පසුගිය මැතිවරණයෙන් ජයගත් අතර, එහිදී ආසන 234 න් 108ක් දිනාගැනීමට ඔවුන් සමත් වුණා.
නමුත් බහුතර සහයෝගය තහවුරු කිරීමකින් තොරව රජය පිහිටුවීමට ටීවීකේ නායකයාට ආරාධනා නොකරන බව ආණ්ඩුකාර අර්ලේකර් පැහැදිලි කිරීමෙන් පසු, ආසන 118 සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් ඔවුන් අනෙකුත් සුළු පක්ෂවල ආසන දිනාගත් මන්ත්‍රීවරුන් සමඟ සාකච්ඡා පවත්වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.













